Latest News

කතරගම වාසනා, ඇසළ මංගල්‍යයට සූදානම් වුණේ මෙහෙමයි (PHOTOS)

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා, ආහාර පාන ලබාදී ඇසළ මංගල්‍යයට සූදානම් කිරීම චාරිත්‍රානුකුලව සිදු කෙරුණා.

ඒ අනුව කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබව ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද වාසනා ඇතා මෙළෙස සූදානම් කෙරුණා.

වාසනා හස්ති පාලකවරයා විසින් පැමිණ සිටි පිරිසට ආහාර වලින්ද සංග්‍රහ කළා.

මෙම අවස්ථාවට රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධූරන්ධර සොමිපාල ටී රත්නායක මහතා ද සහභාගී වුණා.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ජූනි 26 වෙනි දින ආරම්භ වන අතර ජූලි 10 අවසාන මහා රන්දෝලි පෙරහර පවත්වා පසු දින මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේ දිය කැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වනවා.

World News

Send your contact Details Today