Latest News

ටෙස්ට් තරගාවලි ගැන ICC විසින් අලුත් තීරණයක් ගැනීමට සූදානමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2027, 2029 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දින හතරකට සීමා කිරීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව 2027,2029 ටෙස්ට් ලෝක ශූරතා චක්‍රයේදී කුඩා රටවල් වෙනුවන් සිව්දින ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සූදානමින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට දින පහක ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවිය හැකි බවටද වාර්තා පළ වනවා.

2017 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ද්විපාර්ශ්වික සිව්දින ටෙස්ට් තරග සඳහා අවසරය ලබාදුන් අතර එංගලන්ත කණ්ඩායම සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව සිව්දින ටෙස්ට් තරඟ ක්‍රීඩා කර තිබෙනවා.

World News

Send your contact Details Today