රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම මිත්‍රයෙකු වන රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති සහ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව්, ඉරානයට ඔවුන්ගේම න්‍යෂ්ටික යුධ ශීර්ෂ සෘජුවම සැපයීමට රටවල් සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.
මෙද්වදෙව් කියා සිටියේ, ට්‍රම්ප් පරිපාලනයේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර ඉදිරියට කුමකට තුඩු දෙයිද යන්න පිළිබඳවයි.
ඔහු කියා සිටියේ, “න්‍යෂ්ටික ද්‍රව්‍ය පොහොසත් කිරීම සහ, දැන් අපට එය පැහැදිලිවම කිව හැකිය, අනාගත න්‍යෂ්ටික අවි නිෂ්පාදනය දිගටම සිදුවනු ඇත” ලෙසයි.
තවද, “රටවල් ගණනාවක් ඉරානයට ඔවුන්ගේම න්‍යෂ්ටික යුධ ශීර්ෂ සෘජුවම සැපයීමට සූදානම්” බවද ඔහු සඳහන් කරනවා.
මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එනම් ෆෝඩෝ (Fordow), නටාන්ස් (Natanz) සහ ඉස්ෆහාන් (Isfahan) වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.
ට්‍රම්ප් මෙම මෙහෙයුම “ඉතා සාර්ථක ප්‍රහාරයක්” සහ “විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක්” ලෙස විස්තර කළ අතර, ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික පොහොසත් කිරීමේ පහසුකම් “සම්පූර්ණයෙන්ම සහ මුළුමනින්ම විනාශ වී ඇත” ලෙසයි සඳහන් කළේ.