Latest News

දශක එකහමාරක ටෙස්ට් දිවියට මැතිව්ස් සමුදුන්නේ මෙහෙමයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියට අද සමුදුන්නා.

ඒ අනුව සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස මැතිව්ස් පිටියෙන් ඉවත් වුණා.

එම අවස්ථාවේදී ඔහු ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට සමු දෙනු දීමට කටයුතු කළා.

දශක එකහමාරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී මැතිව්ස් ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 8,214ක්.

එයට ටෙස්ට් ශතක 16 ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත්.

World News

Send your contact Details Today