Latest News

Paris 2024 Olympics: සරණාගත කණ්ඩායමේ පළමු ඔලිම්පික් පදක්කම Cindy Ngambaගේ නමට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ දේශපාලන සරණාගතභාවය ලබා සිටින Cindy Ngamba, පැරිස් ඔලිම්පික් හි සරණාගත ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් 75kg බර පංතිය යටතේ වූ බොක්සිං තරගයේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්කම් දැක්වූවා.

කැමරූන් ජාතිකත්වය සහිත 25 හැවිරිදි සින්ඩි, මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළේ එම කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසයේ ලබාගත් පළමු පදක්කම තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගනිමින්.

විදෙස් වාර්තාවන්ට අනුව ඇය එක්සත් රාජධානියට පැමිණෙන්නේ වයස අවුරුදු 10 දීයි.

එහිදී ඇයට සිය ලිංගිකත්වය හේතුවෙන් උපන් රට වන කැමරූන් වෙත ආපසු යාමට නොහැකි වූ බව සඳහන්.

පසුව සින්ඩි බොල්ටන් හි ජීවත් වෙමින් වයස අවුරුදු 15 දී බොක්සිං ක්‍රීඩාවට යොමුව තිබෙනවා.

එමෙන්ම ඈ බෝල්ටන් විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක් ද වනවා.

කෙසේ වෙතත්, ඇය තවමත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන නැහැ.

සරණාගත කණ්ඩායම මුලින්ම 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා හඳුන්වා දුන් නමුත් බ්‍රසීලයේදී හෝ වසර පහකට පසු ටෝකියෝහිදී පදක්කමක් දිනා ගත්තේ නැහැ.

ඔවුන්ගේ සංචිතය පැරිසියේ ක්‍රීඩා 12 ක් පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකුගෙන් සමන්විත වන අතර සමාරම්භක උත්සවයේ ධජය දැරුවේ ද සින්ඩි විසින්.

අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට ධාවන ශූර ඩොමිනික් ලොබාලු, පාපැදි ක්‍රීඩක Eyeru Gebru සහ ටයිකොන්ඩෝ ක්‍රීඩා කරන Farzad Mansouri ඇතුළත්.

World News

Send your contact Details Today