බදුල්ල – දුන්හිඳ මාර්ගයේ අද (21) පස්වරුවේ සිදු වූ රිය අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව වාර්තා වනවා.
තවත් 27 දෙනෙකු තුවල ලබා රෝහල් ගතකර තිබෙනවා.
එමෙන්ම අදාළ බස්රථයේ රියදුරු සහ රිය සාහයකයා පොලිසියුඅ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් රථය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබිය දී මාර්ගය අසල කණුවක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට අනුරාධපුරය දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන ගිය බස් රථයක්.
ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වාර්තා වන අතර අනතුර අද සිදුව ඇත්තේ පස්වරු 06ට පමණයි.





PHOTOS COURTESY: Accident First