11 වන ජාත්‍යන්තර යෝග දින සැමරුමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (21) විශාකාපට්නම් හි එක් වුණා.
ජුනි 21 වන දින ලොව පුරා රටවල් කිහිපයක් විසින් සමරනු ලබන ජාත්‍යන්තර යෝග දිනය “එක් පෘථිවියක්, එක් සෞඛ්‍යයක් සඳහා යෝග” යන තේමාව යටතේ මෙවර එය සමරනු ලබනවා.
මේ අතර ජාත්‍යන්තර යෝග දින සැමරුම එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ ගැටුම්වලින් පිරුණු ලෝකයක සාමය සහතික කිරීමට යෝගවලට හැකි බවයි.
එමෙන්ම ජාත්‍යන්තර යෝග දින සමරන අද දිනයේ ගෝලීය සාමයේ ආරම්භය වේවා යනුවෙන් ප්‍රාර්ථනාවක් ද අගමැති මෝදි විසින් සිදුකරනු ලැබුවා.