Latest News

කතරගම පෙරහැරට සහභාගී වන සැදැහැවතුන් සඳහා විශේෂ ගැසට් නිවේදනයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ මොණරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් පසන් එස්.බී රත්නායක මහතා විසින්.

කතරගම මැණික් ගඟේ පැරණි තොටුපළේ සිට කිලෝමීටර් 1.6ක අර්ධ විෂ්කම්භයකින් වට වූ ප්‍රදේශය සහ සෙල්ල කතරගම පුල්ලෙයාර් කෝවිලේ සිට කිලෝමීටර් 0.4ක අර්ධ විෂ්කම්භයකින් වටවූ ප්‍රදේශය කඳවුරු ප්‍රදේශය ලෙස වෙන්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකු විසින් හෝ ඇසළ උත්සවය පැවැත්වෙන කාලසීමාවේදී ඔබ කඳවුරු ප්‍රදේශය තුළ ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ වෙළෙඳසැලක් ඉදි නොකළ යුතු බව ද ගැසට් නිවේදනය සඳහන්.

ඊට අමතරව මැණික් ගඟේ දිය නෑම,රථ වාහන ගාල්කර තැබීම, වෙළඳාම් කිරීම ආදී කටයුතු සඳහාද අදාළ ගැසට් නිවේදනය මගින් රෙගුලාසි පනවා තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා භූමිය තුළ පනවා ඇති රෙගුලාසි අනුගමනය කරමින් කිසිවෙකුටත් අපහසුතාවයක් ඇති නොවන ආකාරයට ඇසළ උත්සවයට සහභාගි වන ලෙසයි.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 26 වැනිදා ආරම්භ වනවා.

World News

Send your contact Details Today