Latest News

න්‍යෂ්ටික සාකච්ඡා ගැන ඉරානයේ තීරණය කියයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර නවත්වන තෙක් නව න්‍යෂ්ටික සාකච්ඡා සඳහා යොමු නොවන බව ඉරානය සඳහන් කරනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ, පවතින යුධමය තත්ත්වය අවසන්වන තුරු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අවශ්‍ය නොවන බවයි.

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමට ඊයේ සහභාගීවීමෙන් අනතුරුව යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරු සමඟ සිදුකළ සාකච්ඡා අතරතුර ඔවුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය සමඟ දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයක්.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී ඊයල් සමීර් පවසා ඇත්තේ, තම රට දීර්ඝ කාලීන ගැටුමකට සූදානම් විය යුතුව ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායලය පවසන්නේ, ඉරානයේ ආරක්ෂක නවෝත්පාදන හා පර්යේෂණ සංවිධානය, මිසයිල නිෂ්පාදන ස්ථාන සහ බටහිර සහ මධ්‍යම ඉරානයේ හමුදා පහසුකම් ඇතුළුව ඉරානයේ හමුදා ඉලක්ක රැසකට එක් රැයක් තුළ ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර ඊශ්‍රායලයේ නෙවාටිම් සහ හැට්සෙරිම් කඳවුරු ඇතුළු ඊශ්‍රායල හමුදා පහසුකම් වෙත තම 17 වන මිසයිල ප්‍රහාර මාලාව එල්ල කළ බව ඉරානය පවසනවා.

World News

Send your contact Details Today