Latest News

ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමේදී පිළිපැදිය යුතු නීතියක් ක්‍රියාත්මක වන දිනය ගැන දැනුම්දීමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව සේවා ගිවිසුමක් යටතේ ගෘහස්ථ නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ සහතික කිරීම අනිවාර්ය කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මීට පෙර පැනවූ නීතිය පහත පරිදි සංශෝධනය කිරීමට කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2025 ජූනි මස 07 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අදාළ නීතිය 2025 ජූලි මස 01 දින සිට ක්‍රියාත්මකයි.

එහිදී ස්වයං මාර්ගයෙන් නව සේවා ගිවිසුමක් යටතේ විදේශ ගතවීමේදී සියළුම රටවල ගෘහස්ථ නොවන රැකියා සඳහා අදාළ සේවා ගිවිසුම ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කිරීමට මින් පෙර තීරණය කර තිබුණත්, නව සංශෝධනය ප්‍රකාරව එය ශ්‍රමිකයින් වැඩිවශයෙන් රැකියා සඳහා විදේශ ගතවන, තෝරාගත් රටවල් කිහිපයක් සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට 2025.06.12 දින රැස්වූ කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

එම රටවල් වනුයේ සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යි.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම එතෙර ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කරගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටළුවලට පිළියමක් ලෙස ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබෙනවා.

World News

Send your contact Details Today