Gmail සඳහා ප්‍රධාන වෙනසක් සිදුවෙමින් පවතින අතර, එය නොසලකා හැරීමෙන් ගිණුමට ප්‍රවේශවීම සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇතැයි Google සමාගම පවසනවා.
ඒ අනුව සයිබර් අපරාධකරුවන්ගෙන් වඩාත් ආරක්ෂාවීම වෙනුවෙන් Gmail Accounts, Updates කරන ලෙසයි සියලුම පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම Updates, Verification දෙකක් යටතේ Activate කළ හැකි අතර ඒවා නම් Password හෝ Smartphone Notification, Verification App හෝ Security Key හරහායි.
එමෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිටත් Specific Warning Emails හා Login Prompts හරහා උපදෙස් ලබාදී ඇති බවයි Google දැනුම්දෙන්නේ.
එමෙන්ම Gmail Accounts, Updates කිරීම වෙනුවෙන් දින 15 ත් 30 ත් අතර කාලයක් ලබාදී ඇති අතර එසේ නොකළ හොත් ගිණුම Restricted හෝ Blocked විය හැකියි.
Spam, Phishing සහ Fake Emails මගින් සිදුකරන සයිබර් අපරාධ මැඩලීම මේ වනවිට ඉතා දුෂ්කර වී ඇති බැවින් ඒවා මැඩලීම සඳහා මෙම පියවර ගත් බවයි Google සමාගම කියාසිටියේ.