Latest News

🏏 Women’s T20 World Cup, 2026 | තරග කාලසටහන නිකුත් කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ පැවැත්වෙන 2026 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (18) එළිදක්වනු ලැබුවා.

ඒ අනුව මෙවර තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 12ක් සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩාංගණ 7කදී මෙම තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

A කාණ්ඩය යටතට ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ සුදුසුකම් ලබන කාණ්ඩාම් දෙකක් ඇතුළත්.

B කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය , ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ජුනි 12 වැනිදා පළමු තරගය ක්‍රීඩා කරන්නේ, සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟයි.

අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එම වසරේ ජූලි 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අදාළ සම්පූර්ණ කාලසටහන පහතින්…

World News

Send your contact Details Today