Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් සඳහන් කළේ, Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇති බවත්, මෙම සතියේ ඔවුන්ට උපකරණ දැනටමත් බෙදා හැර ඇති බවයි.
එසේම උපකරණ කට්ටල 112 ක් රට තුළට ආනයනය කර ඇති බවත්, සේවා ගුණාත්මකභාවය සහ ජාතික ආරක්ෂක අනුකූලතාව සහතික කිරීම සඳහා TRCSL සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කරන බවත්, එම කාලසීමාවෙන් පසු Starlink නිල වශයෙන් මෙහෙයුම් සිදුකරන බවත් ඔහු සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රු. 15,000 ක් වන අතර, අවශ්‍ය උපකරණ සඳහා රු. 118,000 ක මුදලක් දැරීමට සිදුවනවා. එමෙන්ම මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවනවා.