ඉරානය සහ ඊශ්‍රායලය අතර ඊයේ රාත්‍රියේ 6 වන දිනටත් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීම් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඉරානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරගෙන යන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දන්වා ඇති බවයි.
ඊශ්‍රායල අගමැතිවරයා සමග දුරකතන සංවාදයකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම, භූගත න්‍යාෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් ඊශ්‍රායලයේ ප්‍රහාරවලට ඇමෙරිකාව සම්බන්ධ වුවහොත් ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවනු ඇති බව ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනී, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.
ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ අනතුරු ඇගවීමට ඉරානය යටත් නොවන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ඉරාන උත්තරීතර නායකයාට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අනතුරු අගවා තිබෙනවා.
ඔහු කියා සිටියේ, ඉරානයේ උත්තරීතර නායකයා සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා අතර ඔහු පහසු ඉලක්කයක් වී ඇති බවයි.
මේ වනවිට අමරිකාවෙන් ඉවසීමේ සීමාව අඩු වෙමින් පවතින බව ද ට්‍රම්ප් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රතිචාර දක්වා තිබූ අතර ඔහු කියා සිටියේ ට්‍රම්ප්ගේ අනතුරු ඇගවීම්වලට ඉරානය යටත් නොවන බවයි.
මේ වන විට යුද්ධයේදී චීනයේ සහ රුසියාවේ භූමිකාවත් කථාබහට ලක්ව තිබෙනවා.
ඒ අනුව රුසියාව යුද්ධයකට මැදිවී සිටින අතර විශේෂඥයින් පුරෝකථනය කරන්නේ ඔවුන් මෙයට සෘජුව දායකත්වය නොදක්වන බවයි.
එවන් පසුබිමක යුධ උපකරණ රැගත් චීන ගුවන් යානා 3ක් රේඩාර් පද්ධතිය මගහැර ඉරානයට පැමිණි බවද ඇතැම් පුවත් වාර්තා වනවා.