ඉදිරි සති කිහිපය සඳහා එයාර් ඉන්දියා ගුවන් සමාගමේ පුළුල් බඳ සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර මෙහෙයුම් සියයට 15කින් අඩු කරන බව එම ගුවන් සමාගම සඳහන් කර තිබෙනවා.
මෙම අඩු කිරීම අවම වශයෙන් ජූලි මැද භාගය දක්වා පවතිනු ඇති බවටයි ඔවුන් සඳහන් කරන්නේ.
ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, එහි බෝයිං 787-8 සහ 787-9 ගුවන් යානා 33න් 26ක් පරීක්ෂා කිරීම අවසන් කර ඇති බවත්, එම 26 සේවය සඳහා අවසර දී ඇති බවත්.
ඉතිරි ගුවන් යානා ඉදිරි දිනවලදී පරීක්ෂා කරනු ලබන අතර, එහි බෝයිං 777 බලඇණිය සඳහා අමතර පරීක්ෂාවන් ද සැලසුම් කර ඇති බවයි එයාර් ඉන්දියා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර පුද්ගලයින් 241 දෙනෙකුට මරු කැඳවූ සහ දශකයක් තුළ ලොව මාරාන්තික ගුවන් සේවා ව්‍යසනය සනිටුහන් කළ AI171 ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් බලධාරීන් දිගටම විමර්ශනය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.