Latest News

ශ්‍රී ලංකාවේ දරුවන් නොසලකන වැඩිහිටියන් ගැන දැනුම් දෙන්න WhatsApp අංකයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මඟින්.

ඒ අනුව, 070 789 88 89 යන වට්ස්ඇප් අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි ජාතික වැඩිහිටි මහා ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වැනිදා ”‍ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය”‍ ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට සමගාමීව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today