Latest News

🏏 SL vs BAN | මැතිව්ස්, අද අවසන් ටෙස්ට් සටනට එයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අද (17) ආරම්භ වනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය, මෙරටින් බිහි වූ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය වනවා.

මෙම තරගය අද (17) පෙරවරු 10.00ට ආරම්භ වන අතර, මෙම තරගාවලිය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිතයට සොනාල් දිනුෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක, පසිදු සුරියබණ්ඩාර, ඉසිත විජේසුන්දර වැනි නවකයින් ද ඇතුළත්.

2025 – 2027 ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගවලිය මෙය වන අතර, තරගයට පෙර කණ්ඩායම් දෙකේම නායකයින් දෙපළ එක් වූ මාධ්‍ය හමුව ඊයේ (16) ගාල්ලේ දී පැවැත් වුණා.

බංග්ලාදේශ පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට ප්‍රතිචාර දැක්වීමට පෙර ගාල්ල තණතීරුවෙන් ප්‍රයෝජන ගැනීමට උනන්දුවෙන් සිටින බව බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට ජයග්‍රාහී සමුදීමක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුගන්නා ඇන්ජලෝ මැතිව්ස්ට, ඉන්දීය එක්දින නායක රෝහිත් ශර්මා හෘදයාංගම සුභ පැතුම් එක්කර තිබෙනවා.

ශර්මා, මැතිව්ස්ට එලෙස සුභ පැතුම් එක්කර වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

World News

Send your contact Details Today