Latest News

HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින්.

මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ mRNA තාක්ෂණයම භාවිතා කරමින් සිදුකළ පර්යේෂණයක් බවයි ඔවුන් සදහන් කර සිටියේ.

දැනට පවතින ප්‍රතිකාරවලින් HIV පාලනය කල හැකි වුවද සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකියාවක් නැහැ.

ඒ වෛරසය සුදු රුධිරානු සෛල වල සැඟවී ඇති හෙයින් ප්‍රතිකාර නැවැත්වූ පසු යළිත් සක්‍රීය වන බැවින්.

එහෙත් නව සොයාගැනීමට අනුව mRNA තාක්ෂණය භාවිතයෙන් සැඟවී තිබෙන සෛල වෙත කෙලින්ම ගමන් කර ටැට් නම් ස්වභාවික ප්‍රෝටීනයක් සෑදෙන පරිදි සෛලයට උපදෙස් දෙනු ලබනවා.

මෙය shock and kill ලෙස හදුන්වන අතර එමහින් ශරීරයේ සැගවී ඇති HIV වෛරසය මතුකරමින් එය විනාශ කරනනු ලබන බව Doherty Institute හී ජ්‍යෙෂ්ඨ පර්යේෂක මයිකල් රොචේ කියා සිටියා.

මේ වන විට මෙය විද්‍යාගාර පරිසරයක සාර්ථකව සිදුකර ඇති අතර ඉදිරියේදී සත්ත්ව උදාහරණ මත පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සත්ත්ව පරීක්ෂණ සාර්ථක වුවහොත් මිනිසුන් යොදා ගනිමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව පර්යේෂකයින් දන්වා තිබෙනවා.

මෙම සොයාගැනීම ලොව පුරා වෛරසය සමඟ ජීවත් වන මිලියන සංඛ්‍යාත ජනතාවට නැවුම් බලාපොරොත්තුවක් වන අතර එය සාර්ථක වුවහොත් HIV ආසාදිතයින්ට දිනපතා ඖෂධ නොගෙන සම්පුර්ණ සුවය ලබාගැනීමටද හැකියාව ලැබෙනවා.

World News

Send your contact Details Today