Latest News

යුධ ගැටුම්වලින් තෙල් මිලට බලපෑම්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

ඒ ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේයී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙයයි.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

World News

Send your contact Details Today