Latest News

✈ හැමෝගෙම අවදානය යොමු වූ අනතුරට පත්වූ Air India යානයේ 11A ආසනය ගැන ඔබ නොදත් දේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුද්ගලයින් 290 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ එයාර් ඉන්දියා අනතුරකින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා සිටි 11A ආසනය දැඩි කථාබහකට ලක්ව තිබෙනවා.

විශ්වාෂ් කුමාර් රමේෂ් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ඔහුගේ පපුවට, ඇස්වලට සහ පාදවලට තරමක් තුවාල සිදුවී ඇති නමුත් තත්ත්වය බරපතල නොවන බවයි අහමදාබාද් සිවිල් රෝහලේ මහාචාර්ය සහ ශල්‍යකර්ම ප්‍රධානී වෛද්‍ය රාජ්නිෂ් පටෙල් පැවසුවේ.

ඉන්දියානු ප්‍රවෘත්ති ආයතන රමේෂ්ගේ බෝඩිං අවසර පත්‍රයේ ඡායාරූපයක් බෙදාගෙන ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ ඔහු ගුවන් යානයේ 11A ආසනයේ සිටි බවයි.

එම ආසනය තිබුණේ emergency exit row එකේ, ගුවන් යානයේ වම් තටුවට හරියටම ඉදිරියෙන්.

කෙසේවෙතත් CNN ආරක්ෂක විශ්ලේෂකයෙකු සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ හිටපු ආරක්ෂක පරීක්ෂක ඩේවිඩ් සූසි, ගුවන් යානයේ එම කොටසේ වාඩි වී සිටි කෙනෙකු එවැනි අනතුරකින් දිවි ගලවා ගැනීම ගැන පුදුමයට පත්ව සිටිනවා.

එම ආසනය “පියාපතේ දණ්ඩ යටට යන තැන පිහිටා ඇති අතර එය ගුවන් යානය බිම වැදීමෙන් ස්ථිරවම ගැටෙන ස්ථානයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසුවේ රමේෂ්ගේ දිවි ගලවා ගැනීම ආශ්චර්යාත්මක සිද්ධියක් බවයි.

එක්සත් ජනපද ගුවන් සේවා දත්ත වලට අනුව, ගුවන් යානයක පිටුපස වාඩි වී සිටින මගීන්ට අනතුරකින් දිවි ගලවා ගැනීමේ ඉහළම අවස්ථාව පවතිනු ඇති.

අමරිකා එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සොයා ගත්තේ අනතුරකදී ගුවන් යානයේ පිටුපස මගීන්ට දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව සියයට 69 ක් පවතිනු ඇති අතර ඉදිරිපස මගීන්ට දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව සියයට 59 ක් වන බවයි.

එම 11A ආසනයේ සිටි මගියා මේ වනවිට දිවි බේරා ගත්තා.

මේ ආකාරයට මරණයෙන් දිවි බේරාගෙන සිටින්නේ ඉන්දීය සම්බවයක් සහිත විශ්වාෂ් නැමති වයස අවුරුදු 40ක බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව සඳහන්.

ඒ අනුව ඔහු සිය පවුලේ අය බැලීමට දින කිහිපයකට ඉන්දියාවට පැමිණ ඇති බව පවසනවා.

ඉන්පසු නැවත තම සහෝදරයා ද සමග ඔහු එක්සත් රාජධානිය වෙත යමින් සිටියදී මෙම බිහිසුණු අනතුරට මුහුණ දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට ඔහු අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි. විශ්වාස්ගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අනතුර පිළිබඳවද පවසා තිබුණේ මෙලෙසින්,

“ගුවන් ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා. ඒ සමග යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදුවුණා”

World News

Send your contact Details Today