Latest News

🟠 𝗝𝗨𝗦𝗧 𝗜𝗡: තවත් Air India ගුවන් යානයක් අද හදිසියේ ගොඩබස්වයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මගීන් 156ක් රැගත් Air India ගුවන් යානය ක් අද (13) හදිසියේ තායිලන්තයට ගොඩබස්වා තිබෙනවා.

ඒ බෝම්බ අනතුරු ඇඟවීමක් හේතුවෙන්.

AI 379 දරණ ගුවන් යානය තායිලන්තයේ පුකට් (Phuket) සිට ඉන්දියාවේ නව දිල්ලිය බලා ගමන් කරමින් තිබුණා.

Flightradar24 නම් ගුවන් සේවා නිරීක්ෂණ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ තායිලන්තයට ගොඩබෑමට පෙර අන්දමන් මුහුදට ඉහළින් යානය කරකවා ඇති බවයි.

කෙසේවෙතත් මගීන් සියලුදෙනා සුරක්ෂිතව ගුවන් යානයෙන් බැසගොස් ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today