මොන්ගෝලියාවේ කෞතුකාගාරයක ඇති අස්ථි එකතුවක් පරීක්ෂා කරමින් විද්‍යාඥයින් විසින් නව ඩයිනෝසෝර විශේෂයක් සොයාගෙන තිබෙනවා.
ඔවුන් පවසන්නේ මෙම සොයාගැනීම, ටිරානෝසරයන්ගේ පරිණාමීය ඉතිහාසය නැවත සකස් කිරීමට හේතු වන බවයි.
වසර මිලියන 86 කට පෙර ජීවත්වූ ඩයිනෝසෝර ඇටසැකිලි දෙකක් ඇසුරින් මෙම පර්යේෂණය සිදු කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.
“ඛාන්කුඋලු මොන්ගෝලියෙන්සිස්” (Khankhuuluu Mongoliensis) ලෙස නම් කර ඇති මෙම නව ඩයිනෝසෝර විශේෂය “මොන්ගෝලියාවේ මකර කුමාරයා” නැමැති අන්වර්ථ නාමයෙන් ද හදුන්වනවා.
මෙම සොයාගැනීම, Nature විද්‍යා පත්‍රිකාව තුළ ප්‍රකාශයට පත් වී ඇති අතර, ජුරාසික් යුගයේ කුඩා, වේගයෙන් චලනය වූ දඩයම්කරුවන්ගෙන් පසුව, විශාල ටී.රෙක්ස් වැනි විලෝපිකයන් වෙත පරිණාමය වූ ක්‍රියාවලිය පිළිබඳ වටිනා තොරතුරු ලබා දෙනවා.
කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ පාෂාණ විද්‍යාඥ මහාචාර්ය ඩාර්ලා සෙලෙනිට්ස්කි පැවසුවේ, “ඛාන්කුඋලු” විශේෂය තරුණ, කුඩා ටිරානෝසෝරස් වර්ගයක් ලෙස සලකිය හැකි බවයි.
ඛාන්කුඋලුගේ බර කිලෝග්‍රෑම් 750 ක් පමණ විය හැකි අතර, පසුව පරිණාමය වූ ටී.රෙක්ස් වැනි විශේෂ කිලෝග්‍රෑම් 6,000 දක්වා බර විය හැකි බව ද ඔහු පැහැදිලි කළා.
මෙම ඇටසැකිලි සොයාගත්තේ 1970 දශකයේ මොන්ගෝලියාවේදීයී.
මෙම සොයාගැනීම, උතුරු ඇමරිකාව සහ ආසියාව අතර ගොඩබිම් පාලම් හරහා සිදුවූ ජීවීන්ගේ ගමනාගමනය, විවිධ ටිරානෝසර කණ්ඩායම්වල විකාශනයට බලපෑ ආකාරයද විවරණය කරනවා.


