Latest News

ඔස්ට්‍රියාවේ පාසලක වෙඩි තැබීමක් – 09 දෙනෙකු ජිවිතක්ෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ ද්විතීක පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

වැඩිහිටි පුද්ගලයෙකු හා වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෙන්ම අදාළ පාසලේ ඉගෙනුම ලැබු සිසුන් ජීවිතක්ෂයට පත්වූ පිරිසට අයත්.

කෙසේ වුව ද පාසලේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා

වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරු සියදිවි හානිකර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නැහැ.

World News

Send your contact Details Today