Latest News

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

තවමත් 29 හැවිරිදි වියේ පසුවන පූරන් සැලකෙන්නේ ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස පිතිකරුවෙකු ලෙසයි.

මෙම ට්‍රිනිඩෑඩියානු ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග 167ක් ක්‍රීඩා කර ඇති අතර,ඔහුගේ මෙම තීරණය ඔහුට ලාභදායී ෆ්‍රැන්චයිස් ලීගවල ක්‍රීඩා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සලසනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසු විවේක ගැනීම සඳහා ඔහු දැනටමත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය මඟ හැර තිබුණා.

ඔහු අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් 2024 දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩා කළ නමුත්, 2023 ජූලි මාසයේ සිට එක්දින තරඟයක් ක්‍රීඩා කර නැහැ.

කෙසේ වෙතත් නිකලස් පූරන් කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ක්‍රීඩා කර නොතිබීම ද විශේෂත්වයක්.

පූරන් යනු කොදෙව් දේශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයාවන අතර, එම තරග සංඛ්‍යාව 106ක්.

World News

Send your contact Details Today