Latest News

ශ්‍රී ලංකාවට නිර්මල බුදුදහම ලැබුණු උතුම් පොසොන් පුන් පොහොය දිනය අදයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (10) යෙදී තිබෙනවා.

ශ්‍රී ලාංකික ජනතාවට සුවිශේෂී වූ දිනයක් ලෙස පොසොන් පෝය දිනය හඳුන්වාදිය හැකියි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිර්මල බුදුදහම රැගෙන වැඩම කරවනු ලබන්නේ ද අද වැනි දිනකයි.

අනුරාධපුරය, මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේ ලක්දිව එදා පාලනය කළ දෙවන පෑ තිස් නිරිදුන් හමු වූ ඓතිහාසික දිනය වූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකයි.

තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදුවීම් කිහිපයක් ගැන ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඉන් වැදගත්ම එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු වන්නේ ද අද වැනි පොසොන් පොහෝ දිනකදීයි.

“මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා මුණ ගැසීමෙන් අනතුරුව රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළේද මෙම උතුම් පොසොන් පොහොය දිනයේ දීයි.

ජාතියක්‌ වශයෙන් අපේම වූ ආගමක්, සංස්කෘතියක්, කලාවක්, සමාජ සාරධර්ම,සාහිත්‍යය ලෝකයම පිළිගත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ කරන්නට මිහිදු හිමියන්ගේ ලංකා ගමනය ඉවහල් වු බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

World News

Send your contact Details Today