Latest News

නේපාලයේ පළමු වරට ළදරුවන්ට වෙන් වුණ බැංකුවක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේපාලයේ පළමු වරට ළදරුවන්ට මව්කිරි ලබාදීමේ අරමුණින් මව්කිරි බැංකුවක් ස්ථාපිත කර තිබෙනවා.

අඩු බර උපත්, නොමේරූ සහ අනෙකුත් අවදානම් සහිත අලු‍ත උපන් බිළිඳුන්ට ඒ හරහා සේවා ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

යුනිසෙෆ් සංවිධානය නේපාල රජය සහ අනෙකුත් හවුල්කරුවන් එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව පුරා සෑම වසරකම නොමේරූ ළදරුවන් මිලියන 15 කට වඩා උපත ලබන අතර නේපාලය සහ අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල වාර්ෂිකව නොමේරූ දරු උපත් 81,000 ක් සිදුවන බවටයි අනාවරණ වී ඇත්තේ.

World News

Send your contact Details Today