Latest News

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොලොම්බියානු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින සෙනෙට් සභික මිගෙල් උරිබේ වෙඩි ප්‍රහාරයටකට ලක්ව තිබෙනවා.

බොගෝටා හි පැවති උත්සවයක දී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එරට වේලාවෙන් ඊයේ (07) පස්වරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකට සහභාගී වෙමින් සිටියදී සන්නද්ධ පුද්ගලයෙක් විසින් ඔහුගේ හිස පිටුපසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ උරිබේ වහාමනා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව තවමත් අනාවරණය සිදුකර නැහැ.

මේ අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි බොගෝටා නගරාධිපති කාලෝස් ගැලන් පැවසුවේ.

39 හැවිරිදි මිගෙල් උරිබේ කොලම්බියාවේ විශාලතම විරුද්ධ පක්ෂයක් වන කොන්සර්වේටිව් සෙන්ට්‍රෝ ඩිමොක්‍රැටිකෝ පක්ෂයෙන් එළඹෙන ජනාධිපතිවරයා වෙනුවෙන් තරග වැදීමට නියමිතව පසුවනවා.

මෙම ප්‍රහාරය කොලොම්බියානු රජය සහ සෙන්ට්‍රෝ ඩිමොක්‍රැටිකෝ මෙන්ම හිටපු ජනාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය නායකයින්ගෙන් හෙළා දැක තිබෙනවා.

World News

Send your contact Details Today