යුක්‍රේනයේ දෙවන විශාලතම නගරයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා.
ඒ අනුව යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක් වෙතයි මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කාර්කිව් නගරයට එල්ල වු දරුණුතම ප්‍රහාරය මෙය බවයි එරට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පසුගිය ඉරිදා යුක්‍රේනය විසින් රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි රුසියාව පවසන්නේ.
ප්‍රහාරයට ඩ්‍රෝන යානා 50 කට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවා.