2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කිසිදා නොවූ විරූ ලෙස පැවැත්වීමට මෙවර තීරණය කර තිබෙනවා.
තරගාවලි ඉතිහාසයේ පළමු වතාවට, පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම වටිනා ත්‍යාගය සඳහා ජාතීන් 48 ක් තරඟ වැදීමට නියමිතයි.
මීට පෙර කුසලානය සඳහා තරග වැදුණේ කණ්ඩායම් 32 ක් පමණයි.
එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන සියල්ලම ඔවුන්ගේ සම-සත්කාරක ගිවිසුම හේතුවෙන් ස්වයංක්‍රීය සුදුසුකම් ලබා තිබෙනවා.
ලෝක පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් ආසියාවෙන් මේ වනවිට සුදුසුකම් ලබා ඇත්තේ ජපානය, ඉරානය, උස්බෙකිස්ථානය, දකුණු කොරියාව සහ ජෝර්දානයයි.
තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරග ආරම්භවූයේ 2023 සැප්තැම්බර් මාසයේ සිටයි.
එහිදී පළමුව සුදුසුකම් ලැබූ රට බවට පත්වූයේ ජපානයයි.
2026 තරගා ලිය ජුනි 11 වන බ්‍රහස්පතින්දා සිට ජූලි 19 වන ඉරිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
පසුගිය 2022 කටාර්හි පැවති FIFA තරගා ලියේදී ප්‍රංශය පරදා ආර්ජන්ටිනාව ශූරතාව දිනාගැනීමට සමත්වුණා.