Latest News

ලොව ප්‍රථමවරට ඩිම්බකෝෂ පිළිකා කලින් හඳුනාගැනීමට ක්‍රමයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ප්‍රථමවරට රුධිර පරීක්ෂණයක් මඟින් ඩිම්බකෝෂ පිළිකා මුල් අවදියේදී හඳුනාගැනීමේ පර්යේෂණයක් මෙල්බන් නුවර රසායනාගාරයකදී අත්හදා බලා තිබෙනවා.

American Society of Clinical Oncology විසින් පවත්වන ලද සමුළුවකදීයි මේ පිළිබඳ තොරතුරු හෙළිව ඇත්තේ.

නව පර්යේෂණය මගින් ඩිම්බකෝෂ පිළිකා හඳුනා ගැනීම සඳහා සියයට 99.6 ක නිශ්චිතතාවයක් සහ සියයට 77 ක සංවේදීතාවයක් ලබාගැනීමට හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

අතපසු වූ රෝග විනිශ්චයන් නොමැතිව සියලුම මුල් අවධියේ පිළිකා මේ හරහා හඳුනා ගනු ලැබුවා.

පර්යේෂණයට එක් වු වෛද්‍ය ලීර්න් හින්ච් සදහන් කර ඇත්තේ ලොව පුරා කාන්තාවන්ගේ ජීවිත රැක ගැනීමට මෙම පරීක්ෂණය උපකාරී වනු ඇති බවයි.

ඩිම්බකෝෂ පිළිකා මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් දීර්ඝ කාලයකට පසුවයි රෝගය හඳුනාගනු ලබන්නේ.

ඔස්ට්‍රේලියාවේ සෑම පැය 8 කට වරක් එක් ඕස්ට්‍රේලියානු කාන්තාවක් මෙම රෝගයෙන් මිය යනවා.

එහෙත් නව පරීක්ෂණය මඟින් සියයට 90 ක පමණ ජීවත ආරක්ෂාවක් අපේක්ෂා කළ හැකි බවයි වෛද්‍යවරුන් විශ්වාසය පළ කරන්නේ.

World News

Send your contact Details Today