බිලියනපති එලෝන් මස්ක් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව විවේචනය කර තිබෙනවා.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු සහ වියදම් පනත පිළිකුල් සහගත බව පවසමින්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු සහ වියදම් පනතට ඩොලර් ට්‍රිලියන ගණනක බදු සහන හා ආරක්ෂක වියදම් ඇතුළත් බවයි එලෝන් මස්ක් පෙන්වා දෙන්නේ.
මෙමඟින් අමෙරිකාවට වැඩි මුදලක් ණයට ගැනීමට ඉඩ සලසන බව ඔහු පෙන්වා දෙනවා.
කෙසේවෙතත් මෙම පනත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කළේ පසුගිය මැයි මාසයේදීයී.
එම පනතට ඡන්දය දුන් අයෙක් ලැජ්ජා සහගත විය යුතු බවයි X සටහනක් තබමින් එලෝන් මස්ක් පවසා ඇත්තේ.
මෙම පනත හරහා අමෙරිකානු පුරවැසියන්ට දැඩි ණය බරකට යටත් වීමට සිදුවන බවයි එලෝන් මස්ක් පෙන්වා දෙන්නේ.
අමරිකානු රජයේ වියදම් කපා හැරීමේ උපදේශකවරයා ලෙස එලෝන් මස්ක් මීට පෙර කටයුතු කළා.
ඒ සඳහා පත් කළ ඔහුගේ කණ්ඩායම නම් කර තිබුණේ Doge ලෙසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දින 129ක් කටයතු කිරීමෙන් අනතුරුව එලෝන් මස්ක් සිය ධූරයෙන් හදිසියේම ඉවත් වුණා.
එළෙස ධූරයෙන් ඉවත්වීමෙන් පසුවයි එලෝන් මස්ක් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව විවේචනය කර ඇත්තේ.