ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා වන නෝර්වේ ජාතික මැග්නස් කාල්සන්ව පරාජය කරන්නට යොවුන් චෙස් ශූර ඉන්දයාවේ ගුකේෂ් ඩොමරාජුට ඊයේ (01) හැකියාව ලැබුණා.
නෝර්වේ චෙස් 2025 තරඟාවලියේ දී, ගුකේෂ් විසින් මෙම ජයග්‍රහණය හිමිකරගත් අතර, ලෝකයේ අංක එකේ චෙස් ක්‍රීඩකයෙකු පරාජය කළ දෙවන ඉන්දියානුවා බවට පත්වීමට තවමත් 19 හැවිරිදි වියේ පසුවන ගුකේෂ් සමත් වුණා.
මෙම තරගය පරාජයෙන් කෝපයට පත් කාල්සන් චෙස් පුවරුවට පහර දී ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්ව යෑම මේ වනවිට ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
නෝර්වේ චෙස් ක්‍රීඩාව, චෙස් ලෝකයේ ඉහළම ඉසව්වක් ලෙස සැලකෙනා අතර, ප්‍රමුඛ පෙළේ පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන නෝර්වේ චෙස් 2025 තරඟාවලිය මැයි 26 සිට ජුනි 6 දක්වා පැවැත්වෙනවා.