Latest News

ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලට සිදු වූ දේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු ගාසා හි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි එහි වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ.

එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදා විසින් ලබාදුන් නියෝග මත මෙලෙස එම රෝහලේ කාර්යය මණ්ඩලය ඉවත් වී ඇති බව වාර්තා වුවත්, ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියට හමාස් සංවිධානය තවමත් එකඟතාව පළ කර නැහැ.

World News

Send your contact Details Today