Latest News

ඉන්දියාවේ තොරතුරු පාකිස්තාන අයි එස් අයි සංවිධානය වෙත ලබා දුන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ තොරතුරු පාකිස්තාන අයි එස් අයි සංවිධානය වෙත ලබා දුන් පුද්ගලයින් රැසක් ඉන්දීය අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගියදා ඇති වු ඉන්දු, පාකිස්තාන යුද ගැටුමෙන් පසුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අනුව රාජස්තාන්, මහාරාෂ්ට, දිල්ලි, හර්යානා, උත්තර් ප්‍රදේශ්, ගුජරාට් සහ පංජාබ් යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 15 දෙනෙකුට වැඩි පිරිසක් රදවාගෙන ප්‍රශ්න කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ සංවේදී තොරතුරු හා ඡායාරූප පාකිස්තාන අයි එස් අයි සංවිධානය වෙත ලබාදීම හේතුවෙන් ඉංජිනේරුවරයෙකු වන රවීන්ද්‍ර වර්මා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනයක වන ජෝති මල්හෝත්‍රා, සෞඛ්‍ය සේවකයෙකු වන ශාදෙව් සිං යන පුද්ගලයින් මෑතක දී අත්අඩංගුවට පත්වුණා.

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම හේතුවෙන් ඉන්දියාවට ‍එරෙහිව කටයුතු කරන පුද්ගලයින් රැසක් ඉන්දීය ආරක්ෂක අංශවලට හසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today