Latest News

Microsoft පරිශීලකයින්ට හදිසි දැනුම්දීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Microsoft එහි Authenticator App භාවිතා කරන්නන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

සමාගම පෙන්වා දෙන්නේ Password මගින් App එක වෙත ප්‍රවේශ වීම නැවැත්වීමට පෙර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

සමාගම එහි password management system ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගනිමින් සිටීම හේතුවෙනුයි මෙම දැනුම් දීම සිදුකර තිබෙන්නේ.

ඒ අනුව ජුනි 1 වන දින සිට Authenticator app භාවිතය නවතා Microsoft Edge බ්‍රව්සරයට මාරුවීමට සැළසුම් කර තිබෙනවා.

එහිදී autofill function සහ saved payment information, credit cards විස්තර සහ Authenticator App සදහා ඇතුළත් කර තිබූ සියලු තොරතුරු ඉවත්ව යනු ඇති.

ක්‍රමයෙන් ඉවත් කෙරෙන මෙම passwords අගෝස්තු මාසයේදී, passwords යෙදුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබනවා.

ඒ අනුව එහිදී සිදු වන්නේ Authenticator app විශේෂාංගය Microsoft Edge බ්‍රව්සරයට ගෙනයාමයි.

World News

Send your contact Details Today