Latest News

දරු දුක නිසා හඬා වැටුණු පලස්තීන තානාපතිවරයා

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් හඬා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ගාසා යුද ගැටුම් හේතුවෙන් ජීවිත අහිමිවූ කුඩා දරුවන් පිළිබඳ සිහි කරමින්.

පලස්තීන තානාපතිවරයා සංවේදී වූයේ පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අවසන් වීමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ දරුවන් 1,300ක් ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රකාශ කළ අවස්ථාවේදී බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

‘සටන් විරාමය අවසන් වූවාට පසු මේ දක්වා පලස්තීන දරුවන් 1,300ක් මිය ගිහින්. තවත් 4,000කට පමණ තුවාල සිදුවී තිබෙනවා. අහිංසක දරුවන් බිලි ගනිමින් මේ කුරිරු යුද්ධය තවදුරටත් සිද්ධ වෙනවා. තවත් දරුවන් විශාල ප්‍රමාණයක් ආහාර නැතුව දුර්වලවී මිය යනවා. දරුවන්ගේ මළසිරුරු වැලඳගෙන මවුවරු හඬා වැටෙන ඡායාරූප හද කම්පා කරවනවා. අපි හදවතක් නැති අය වගේ පලස්තීනුවන්ගේ තත්ත්වය දිහා බලා ඉන්නවා.‘ දැඩි ආවේගශීලිව මේසයට ගසමින් එසේ ප්‍රකාශ කළ පලස්තීන තානාපතිවරයා ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය ජාත්‍යන්තරය නොසලකා හරින බවට චෝදනා කර තිබෙනවා.

‘අපි හැමෝම මිනිස්සු. ඒ නිසා ඊශ්‍රායල හෝ වේවා පලස්තීන හෝ වේවා දෙබිඩි පිළිවෙතකින් තොරව ගාසා යුද්ධයට විසඳුම් සොයන්න‘ යැයි ඔහු ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today