Latest News

ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය තරගාවලි කිහිපයක් කල් දමයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය තරගාවලි කල් දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයකට අනුව, දැනට ක්‍රියාත්මක දේශීය තරගාවලි කල් දැමීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව විසින්.

ඒ අනුව බලපෑමට ලක් වූ තරගාවලි පහත පරිදි වනවා…

  1. මේජර් ක්ලබ් විස්සයි20 තරගාවලිය (The Major Club T20 Tournament)
  2. ‘බී’ කාණ්ඩයේ විස්සයි20 තරගාවලිය (Tier ‘B’ T20 Tournament)
  3. ආණ්ඩුකාර කුසලානය (Governors Trophy)

සංශෝධිත කාලසටහන් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today