Latest News

Work From Home ගැන නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිවසේ සිට වැඩ කිරීම [Work From Home] කාර්යාලයේ පූර්ණ කාලීනව සිටීමට වඩා ඵලදායී බව හෙළිව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසමේ නව වාර්තාවක දැක්වෙන්නේ දුරස්ථව වැඩ කිරීම ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය පහත හෙළන බවට නිකුත් කර ඇති වාර්තා අසත්‍ය බවයි.

වැඩි කාර්යක්ෂමතාවයකට හා රැකියාවේ සතුටට, නිවස සහ කාර්යාලය අතර කාලය බෙදාගන්නා ආකාරය හේතු වන බවයි එහි පෙන්වා දී ඇත්තේ.

දීර්ඝ ගමන් කිරීම් වලක්වා එම කාලය වෙනත් කටයුතු සඳහා භාවිත කළ හැකි වීම ද වැදගත් කරුණක් වනවා.

කොවිඩ්-19 වසංගතයෙන් පසු නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය ඉහළයාම ඕස්ට්‍රේලියාවේ මෑත කාලීන ඵලදායිතා පහත වැටීමට වගකිව යුතු නොවන බවයි වාර්තාවේ දත්ත පෙන්වා දෙන්නේ.

දුරස්ථව වැඩ කිරීමෙන් විවේක සහ අසනීප නිවාඩු අඩු වන අතර එය කාර්යක්ෂමතාවයට වාසිදායකය ලෙස බලපාන බව ද සඳහන්.

2024 අගෝස්තු වනවිට රැකියාවක් ඇති ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 36%ක් නිවසේ සිට වැඩ කරන බව වාර්තා වී තිබෙනවා.

කොවිඩ් වසංගතයට පෙර එය පැවතියේ 12%ක මට්ටමේයි.

කෙසේ වෙතත් වාර්තාව සඳහන් කළේ මින් සියලුම සේවකයින් එක හා සමාන ප්‍රතිලාභ නොලබන බවයි.

World News

Send your contact Details Today