Latest News

අමරිකාවෙන් පිටුවහල් කළ ඉන්දියානුවන් ගණන 1,000 ඉක්මවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉන්දියානුවන් 1,080ක් පිටුවහල් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් පරිපාලනය යටතේ ගෙන ඇති සංක්‍රමණ ගැටලු සම්බන්ධයෙන් පවතින නීති රාමුව තුළ දී මෙම ඉන්දීය ජාතිකයින් පිරිස නීතිවිරෝධී ව අමෙරිකාව තුළ ජීවත් ව ඇති බවයි.

මෙම තීන්දුවට අමෙරිකාව සහ ඉන්දීය සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බවත් වාර්තා වනවා.

දෙරට ම අදාළ පිටුවහල් කිරීම ගැන පූර්ණ අවබෝධයකින් යුතු ව කටයුතු කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

මෙලෙස පිටුවහල් කිරීමට ලක් වූ ඉන්දියානුවන් සියයට 62ක් ම වාණිජ ගුවන් ගමන් මගින් අමෙරිකාවට ඇතුල් වී ඇති බව ද වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් පැවසුවේ, “සංක්‍රමණ ගැටළු සම්බන්ධයෙන්, නීතිවිරෝධී තත්ත්වයක සිටින හෝ නීති විරෝධී ලෙස ගමන් කරන ඉන්දියානු ජාතිකයින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර සමීප සහයෝගීතාවයක් ඇත; ඔවුන් පිළිබඳ විස්තර ලැබුණු පසු අපි ඔවුන් ආපසු භාර ගනිමු” යනුවෙනි.

ට්‍රම්ප් පරිපාලනය සහ හාවඩ් විශ්වවිද්‍යාලය සම්බන්ධ වත්මන් ආරවුල ගැන ද ජයිස්වාල් අදහස් දක්වා තිබෙනවා.

ඔහු කියා සිටියේ, ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුක වීසා අයදුම්කරුවන් සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයේ යාවත්කාලීන මාර්ගෝපදේශ සහ ගැටලු පිළිබඳව තමාව අමෙරිකානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනුම්වත් කරන ලද බවයි.

World News

Send your contact Details Today