ගාසා ජනතාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති මොහොතක ගාසා තීරයේ ආරක්ෂාව ද බිඳ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් බිඳ වැටි ඇති බවයි වාර්තා වන්නේ.
අවතැන් පිරිස් වෙත ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන් කොල්ලකෑම් සිදුවන බව ද සඳහන්.
ජගත් සංවිධානයට අයත් ආහාර ගබඩාවක් ද ඊයේ දිනයේ දී කොල්ලකෑමට ලක්වුණා.
මේ අතර වෙළෙඳ සංකිර්ණයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බවයි හමාස් සංවිධානය පවසන්නේ.
ඔවුන් කොල්ලකරුවන් ලෙස හැදින්වීමට ඊශ්‍රායලය උත්සහ කරන බවට ද චෝදනා එල්ල වනවා.
එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඊයේ දිනයේ දී සාමාන්‍ය වැසියන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.