Latest News

මහින්දානන්දට වසර 20ක් සහ නලින්ට වසර 25ක් බැගින් සපිරිගෙට යවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2015 ජනාධිපතිවරණ සමයේදී සමූපකාර තොග වෙළඳ ආයතනය (ස.තො.ස) හරහා කැරම් බෝඕ 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී ගනිමින්, ඒවා ක්‍රීඩා සංගම්වලට බෙදා හැරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන දෙදෙනා එම චෝදනාවලට වරදකරු බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කළා.

ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20 සිර දඬුවම් නියම කළා.

තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය ම් මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් බව දනිමින් මෙම වරද සිදුකර ඇති බව සඳහන් කළා.

මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඉන් මහජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නා.

එම නිසා මෙවැනි වැරදි සිදු සිදු කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

World News

Send your contact Details Today