ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් Starship රොකට්ටුව පුපුරාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට අභ්‍යවකාශයට කාර්ය මණ්ඩලයක් නොමැති මෙම රොකට්ටුව ඊයේ (27) උදෑසන 6:36ට පමණ ගුවන්ගතකර තිබුණා.
රොයිටර් පුවත් සේවයට අනුව, යානය තුළ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් අභ්‍යවකාශයේ පාලනය කළ නොහැකි භ්‍රමණයක් ඇති වූ පසු, බදාදා සැලසුම් කළ කාලයට පෙර රොකට්ටුව නැවත වායුගෝලයට ඇතුළු වූ බවයි පැවසෙන්නේ.
පාලනය අහිමි වීමට පෙර, අඩි 403 (මීටර් 123) ක් උස රොකට්ටුව පෙර පරීක්ෂණ-දියත් කිරීමේ අසාර්ථකත්වයන් ඉක්මවා පියාසර කළ බවයි වාර්තා වන්නේ.
මාර්තු 6 වන දින Space x රොකට්ටුවක් ගුවන්ගත වීමෙන් ටික කලකට පසු පුපුරා යාමෙන් පසු මෙම නවතම පරීක්ෂණ දියත් කිරීම සිදු වුණා.