Latest News

කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් සංචිතය නම් කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

මේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ට හිමිව ඇති අතර, ඔහු යටතේ 17 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩාය ම ලබන මස 2 වැනිදා කොදෙව් සංචාරය ආරම්භ කරමින් මෙරටින් පිටත්ව යන අතර, එහිදී ශ්‍රී ලංකා – කොදෙව් නැඟී එන කණ්ඩායම් අතර නිල නොවන සිවුදින ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

මේ තරගාවලිය ලබන මස 7 වැනිදා කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිවුදින තරගයෙන් ආරම්භ වන අතර, ජුනි 26 වැනිදා තරග නිමා වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

World News

Send your contact Details Today