Latest News

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රොඩ්නි ගිබ්ස් පත්කර තිබෙනවා.

අත්දැකීම් බහුල ඔහු, නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත් සාමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළ අයෙක්.

ශ්‍රී ලංකාව, දකුණූ කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලිය ලබන මස ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය ජුනි 13 වනදා දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරටදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ආසියානු රග්බි තරගාවලිය පැවැත්වෙනවා.

World News

Send your contact Details Today