Latest News

ගාසා මානුෂීය පදනමේ විධායක අධ්‍යක්ෂකවරයා නොසිතූ තීරණයක් ගනියි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා මානුෂීය පදනමේ ප්‍රකාශක සහ විධායක අධ්‍යක්ෂකවරයා වන ජේක් වුඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සංවිධානය මානුෂීය මූලධර්මවලට අනුකූලව මෙහෙවරක් ඉටු කළ නොහැකි බැවින් ඔහු මෙලෙස ඉල්ලා අස්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගාසා මානුෂීය පදනම ජිනීවාහී පිහිටා ඇති අතර, එහි පළමු දින 90 තුළ ආහාර මිලියන 300 ක් පමණ ගාසා තීරය වෙත බෙදා හැරීමට පොරොන්දු වී ඇති බව සඳහන්.

එමෙන්ම, ඉවත් වීමට පෙර, ජේක් වුඩ් පවසා ඇත්තේ, ඔහු විසින් ගාසා තීරයේ ජනතාව සහ අනෙකුත් කාර්යයන් පිළිබදව තමා කළ මෙහෙය සම්බන්ධයෙන් ආඩම්බර වන බවයි.

කෙසේ වෙතත්, ගාසා තීරයට ආධාර සැපයීම පුළුල්ව, කඩිනම්ව සහ වෙනස්කම් කිරීමකින් තොරව ආධාර ලබා දීම සඳහා නව්‍ය නව ක්‍රම ගවේෂණය කරන ලෙස ගාසා මානුෂීය පදනමේ විධායක අධ්‍යක්ෂකවරයා, ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today