Latest News

නිළි රැජිණගේ නිසල දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත ගෙන ආවා.

ඒ අනුව ඇයගේ දේහය පෙරවරු 10.00 සිට තරංගනී ශාලාව වෙත රැගෙන ඒමට නියමිත අතර එතැන් සිට අවසන් කටයුතු සිදුකරන හෙට (26) දිනය දක්වා මහජන ගෞරවය වෙනුවෙන් එම ස්ථානයේ තැන්පත්කර තැබෙනවා.

අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (24) පස්වරුවේ ඇයගේ මාදිවෙල පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ සිට ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම නිවසට පැමිණි බවයි WESL News වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සියලු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිටි ඇය ඊයේ (24) අලුයම අභාවප්‍රාප්ත වූණේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

World News

Send your contact Details Today