ASBC ආසියානු වයස අවුරුදු 22 න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය 2025 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
එහිදී රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 18ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමත්වුණා.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සංවිධානය කළ ASBC ආසියානු වයස අවුරුදු 22 න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය 2025 සඳහා රටවල් 26ක් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ගණන 400 දෙනෙක්.




