Latest News

රුසියාව හා යුක්‍රේනය විසින් දැවැන්තම සිරකරු හුවමාරුව සිදු කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2022 වසරට පසු, රුසියාව හා යුක්‍රේනය විසින් දැවැන්තම සිරකරු හුවමාරුව සිදු කර තිබෙනවා.

රුසියා හා යුක්‍රේන දෙපාර්ශ්වයම සිරකරුවන් 390 බැගින් සිරකරු හුවමාරුව සිදු කර ඇති බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.

එම සිරකරුවන් 390 දෙනා අතරට සොල්දාදුවන් 270 දෙනෙකු හා සිවිල් වැසියන් 120 දෙනෙකු අයත් වනවා.

යුක්‍රේන බෙලරුස් දේශසීමාව ආසන්නයේදී මෙම සිරකරු හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනය හා රුසියාව අතර තුර්කියේ ස්තාන්බුල් අගනුවරදී පසුගියදා සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී සිරකරුවන් දහසක් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියා.

World News

Send your contact Details Today