Latest News

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා විනිසුරුවරුන් නම් කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2023 – 2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා තරගය විනිශ්චය කරන පිටියේ විනිසුරුවරුන් නම් කර තිබෙනවා.

ජුනි මස 11 වැනි දින සිට 15 වැනි දින දක්වා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් සෙංකෝලය දිනාගැනීම වෙනුවෙන් අවසන් මහා සටන පැවැත්වෙනු ඇති.

ඒ අනුව මෙම තරගය විනිශ්චය කිරීමට පළපුරුදු ක්‍රිකට් විනිසුරුවරුන් දෙදෙනකු වන නවසීලන්තයේ ක්‍රිස් ගැෆනි සහ එංගලන්තයේ රිචඩ් ඉලිංවර්ත් පිටියේ විනිසුරුවරුන් ලෙස නම් කර තිබෙනවා.

2021 සහ 2023 අවසන් ටෙස්ට් මහා තරගවල දී විනිසුරු කණ්ඩායමේ කොටසක් වූ ඉලිංවර්ත්, ටෙස්ට් තරගවල ඔහුගේ ස්ථාවර පැවැත්ම දිගටම සිදු කිරීමට තරම් ජනප්‍රිය විනිසුරුවන් වී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරනවා.

World News

Send your contact Details Today