සහල් පිළිබඳ විහිලුවක් නිසා ජපාන කෘෂිකර්ම ඇමතිවරයාට ඉල්ලා අස්වීමට සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ජපානය දශක ගණනාවකට පසු පළමුවරට ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඔවුන්ගේ ප්‍රධාන ආහාරයක් වන සහල් මිල පසුගිය වසර තුළ දෙගුණයකට වඩා ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි.
තම ආධාරකරුවන් ත්‍යාග වශයෙන් ඕනෑ තරම් සහල් ලබාදෙන නිසා තමන්ට කිසිදා සහල් මිලදී ගැනීමට සිදුනොවූ බව ජපාන කෘෂිකර්ම ඇමති ටකු එකෝ මාධ්‍ය හමුවේ විහිලුවට මෙන් පවසා ඇත්තේ මෙවන් තත්ත්වයක් හමුවේයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව විපක්ෂය ප්‍රකාශ කිරීමත් සමග අදාළ ඇමතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
මෙය දැනටමත් මහජන සහයෝගය පහත වැටිමේ ගැටලුවකට මුහුණදී සිටින අගමැති ෂිගේරු ඉෂිබාගේ සුළුතර රජයට නව පහරක් එල්ල කිරීමක් වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
සහල් මිල ඉහළ යාම ජපානයෙහි තීරණාත්මක සාධකයක් වන අතර 1918 දී සහල් මිල පිළිබඳව ඇති වු කැරැල්ලක දී පැවති රජය පෙරළා දැමීමට පවා එය හේතුවුණා.